දේශීය

පාර්ලිමේන්තුව අසල බිහිසුණු රිය අනතුරක්

පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පාර්ලිමේන්තු මාර්ගයේ ජයන්තිපුර හන්දියේදී මෝටර් රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබුණා.

ප්‍රදේශවාසීන් පවසන්නේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාලනය කර ගත නොහැකිව මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.

අනතුරි​න් මෝටර් රථයේ ගමන්කල දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන්​ව ජයවර්ධනපුර රොහලට ඇතුලත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button