දේශීය

බිත්තර ආනයනයට සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ විරෝධය 

බිත්තර ආනයනය කිරීමට රජය තීරණය ඇත්තේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරිමට ආණ්ඩුව අපොහොසත් වීම හේතුවෙන් බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එවැනි ක්‍රමවේදයක් සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීම මඟින් දේශීය කර්මාන්තය විනාශ වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ. 

කෙසේවෙතත් ඉදිරි උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button