රනිල් කියන්නේ ආණ්ඩුවේ අයට හොරකම් කරන්න ඉඩ දුන් නායකයෙක් – දයාසිරි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන්නේ පසුගිය කාලයේ විවිධ වරප්‍රසාද ලබාගත් පිරිස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, ඒ අනුව පසුගිය කාලයේ රට වැටී තිබෙන අවස්ථාවක ඇමති මණ්ඩලයට රිසි සේ සොරකම් කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉඩ ලබාදුන් බවයි.
අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීමට ගිය මන්ත්‍රීවරුට ඕනෑම ගිනිඅවියක් ගතහැකි ආකාරයට ගිනිඅවි බලපත්‍රද දී ඇති බවත් බාර් පර්මිට් 1200 කට වැඩි සංඛ්‍යාවක් දුන් බවත් ඔහු සඳහන් කළා.
රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළ ගිනිඅවි මිලදීගැනීමට එම ගිනිඅවි බලපත්‍ර නිකුත් කර ඇති බවත් අරගලය සමයේ නිවෙස්වලට හානිවූ අයට කෝටි තුන හතර දී ඇති බවයි දයාසිරි ජයසේකර මහතා පවසන්නේ.
ජනාධිපතිවරයා සමඟ අද සිටින බහුතරයක් මීට පෙර පොහොට්ටුවේ සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා පට්ට ගැසූ අය බවත් ඒ මහතා මහ බැංකුව කැඩූවේ යැයි චෝදනා කළේ ද ඔවුන් බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා.