මෛත්‍රී සහ දුෂ්මන්ත ඉල්ලූ අතුරු තහනම ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සහ මහ ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩබලන ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල යන අය කළ ඉල්ලීමක් නිෂ්ප්‍රභ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.
අධිකරණය සඳහන් කළේ, අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට තරම් පැමිණිලිකරුවන් විසින් කරුණු තහවුරු කර නොමැති වීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.
මේ අතර තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2023 වසරේ නිකුත් කළ ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කළ ඉල්ලීමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට කොළඹ දිසා අධිකරණය නියම කර තිබෙනවා.
දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.
පැමිණිලිකරු අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට තරම් අවශ්‍ය කරුණු තහවුරු කිරීමට අපොහොසත් වී ඇති නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් අධිකරණය සඳහන් කළා.