දේශීය

ග්‍රෑන්පාස් ද්විත්ව ඝාතනයට සැකපිට තුනක් අත්අඩංගුවට

ගෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී ඉකුත් 23 වැනි දා තීරෝද රථයක යමින් සිටි කාන්තාවකට සහ එහි රියැදුරාට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

වෙඩික්කරු පසු පැදිකරු සහ ආධාර අනුබල දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

එදින වෙඩි වැදිමෙන් මිය ගොස් තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක බව පවස​න සුනීතා නැමැතියක හා ඇයගේ සහයකයා බව කියන කේ රන්මුතු දර්ශන නමැති 31 හැවිරිදි පුද්ගලයෙක්.

මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරක් පොලිසියට දැනුම්දුන්නැ​යි පවස​න සිද්ධියකට මෙම ඝාතනය සිදු කර ඇති බවට පෙනෙන බව​ද පොලිසිය සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button