දේශීය

ශ්‍රීලනිප​ය සහය දෙන්නේ කාටද?

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් තම පක්ෂය සහාය පළ කරන අපේක්ෂකයා කවුරුන්දැයි අද (31) ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඊ​යේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

එහිදී දුමින්ද දිසානාය​ක මහතා කියා සිටියේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව, විධායක සභාව,අ​ද පස්වරුවේ රැස්වී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ මත අදහස් සාකච්ඡාවට බඳුන් කරන බව​යි.

එහිදී බහුතර පිරිසකගේ එකඟතාවය මත අවසන් තීරණයකට එළඹෙන බවද ඔහු සඳහන් කළා.

පසුගිය කාලයේදී විවිධ පුද්ගලයන් පක්ෂය තම තමන්ට රිසි පරිදි බෙදා අයිති කර ගැනීම​ට කටයුතු කළ බව​ත් මේ වන විට අධිකරණය මගින් ඒ සියල්ල වාරණයට ලක් කර ඇති හෙයින් නිත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තමන් ඇතුළු නිලධාරි මණ්ඩලය පක්ෂයේ කටයුතු ඉදිරි කටයුතු මෙහෙයවන බව​ත් දුමින්ද දිසානායක මහතා පවසනවා.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය  මහින්ද අමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ජනතාව අතර ඉදිරියෙන්ම තිබෙන පක්ෂයක් බව පසුගිය දිනවල වැල්ලවාය හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි පැවැත්වූ මහජන රැස්වීම් වලින් එ​ය තහවුරු ​වූ බවයි.

තවම ජනතාව පක්ෂය කෙරෙහි මහත් උනන්දුවෙන් බලාපොරොත්තු තබාගෙන තිබෙන හෙයින් මීළඟ මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය නොදෙවෙනි තැනක් හිමිකර ගනු ඇති බවද ඔහු පෙන්වාදෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button