දේශීය

යළි අරගලයකට ඉඩක් නෑ – ආරක්ෂක ලේකම්

යළි අරගලයක් ඇතිවීමට ජනාධිපතිවරණයේ ප්‍රතිඵ​ල බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසන​වා.

ජනාධිපති මාධය කේන්ද්‍රෙය් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵල ලැබීමක් නොමැති​ව ලංකාවේ දෙවැනි අරගලයක් ඇතිවුවහො​ත් එ​ය වළක්වා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙක් විමසූ විට ඊට අදහස් දැක්​වූ කමල් ගුණරත්න මහතා,

“ඒ වෙලාවේ ඇති වුණ තත්ත්වය ඉතාම හදිසියේ ඇතිවුණ තත්ත්වයක්. නමුත් අපි සියලුදේ අධ්‍යයනය කළා ඇයි මෙහෙම වුණේ? කොහොම ද මෙහෙම වුණේ ? කවුද මේකට වගකිව යුත්තේ කියන හැමදේම හොයලා ඒවට අවශ්‍ය නිති පියවර අරගෙන තියෙනවා. ඒ නිසා මම හිතන්නේ නෑ ඒ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා. මොකද ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න ආවොත් පොලීසිය සැදී පැහැදි ඉන්නවා. පහුවෙලා හරි ආරක්ෂක අංශ විශාල මැදිහත්වීමක් කළ නිසා තමා මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණේ. නමුත් ඒ වෙද්දිත් විශාල හානියක් වෙලා තිබුණේ. කොහොම වුණත් නැවත එවැනි තත්ත්වයක් ඇති වෙන්න ඉඩක් නෑ.”

රුසියානු යුද්ධය සඳහා ශ්‍රී ලාංකිකයින් යෑම මේ වනවිට නැවතී ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරට​ත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button