දේශීය

කාංචනත් රනිල්ට සහය දෙයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන වර්තමා​න ජනාධිපති රනිල් වික්‍රමසිංහට තමන්ගේ පූර්ණ සහය ලබා දෙන බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහ​තා පවසනවා.

X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් ආර්ථික ස්ථාවරත්වයක් සහ රටේ අභිවෘද්ධිය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය ලබා දෙන බවයි කාංචන විජේසේකර මහතා පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button