දේශීය

වරාය නගරයේ වැඩ ඉක්ම​න් කරන්න පනත සංශෝධනයට අනුමැති​ය

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

කොළඹ වරාය නගරයේ ව්‍යාපාරවල යෙදීමට බලාපොරොත්තු වන ආයෝජකයින් විසින් පෙන්වා දී ඇති ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා පවතින බාධාවන් ඉවත් කරමින්, ගෝලීය වශයෙන් තරගකාරී විශේෂිත ආර්ථික කලාපයක් ලෙස කොළඹ වරාය නගරයේ ශක්‍යතාව ඉහළ නැංවීමට හැකි වන පරිදි කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබුණා.

ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කරමින් 2021 අංක 11 දරණ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ආයෝජන ප්‍රර්වධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button