පොහොට්ටුවේ තවත් අය ජනපති වෙනුවෙන් ඉදිරියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළකරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ රට බේරාගත් ජනාධිපතිවරයාට ඉදිරියේ දීත් සහායෝගය ලබාදෙන බවයි.
එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට තම සහය පළ කිරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (29) එකඟතාවයකට පැමිණ තිබුණා.
ඒ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
මෙම සාකච්ඡාව සඳහා අජිත් රාජපක්ෂ,ගාමිණී වලේබොඩ,ප්රේම්නාත්සී.දොළවත්ත,මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, කාංචන විජේසේකර, එස්. බී දිසානායක ,ලොහාන් රත්වත්තේ,ගීතා කුමාරසිංහ සහ අලි සබ්රි ඇතුළු විශාල මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටි බවයි පැවසෙන්නේ.
තවද පොහොට්ටුවේ සහාය ලබාගැනීම සඳහා උත්සාහ කරන බව මන්ත්‍රීවරු වැඩිදුරටත් පැවසු බවට වාර්තා වුණා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්විමෙන් අනතුරුව මෙම සාකච්ඡාව සඳහා මන්ත්‍රීවරු පැමිණ සිට තිබෙන අතර මේ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරු ඇතුළු 70කට ආසන්න පිරිසක් සහභාගී වු බව පැවසෙනවා.
මෙම සාකච්ඡාව පැයකට අධික කාලයක් කොළඔ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.