දේශීය
පොදු අපේක්ෂකයෙක් නම් කරන එක බොරු වැඩක් – සුමන්තිරන්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු නම් කිරීම නිශ්ඵල ක්‍රියාවක් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී M.A සුමන්තිරන් මහතා පවසනවා.
මේ වන විටත් උතුරේ දෙමළ පක්ෂ හා සිවිල් සංවිධාන ඒකාබද්ධව පොදු අපේක්ෂකයෙකු ගෙන ඒමට සූදානමින් සිටින බවත් ඒ සඳහා තම පක්ෂයේ කිසිදු සහයෝගයක් නොලැබෙන බවත් ඒ මහතා සඳහන් කළා.
මෙම තීරණය දෙමළ ජනතාව නැවතත් රැවටීමට ගන්නා තීරණයක් බවයි ඔහු පවසන්නේ.
පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තමිල් මක්කල් කට්ටනි පක්ෂයේ නායක P.V විග්නේශ්වරන් මහතා උත්සාහ කරන්නේ බලයට ඒමේ අරමුණින් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
තම පක්‍ෂය ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නැති බවත් ප්‍රධාන අපේක්ෂකයන් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළ වහාම ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත් සුමන්තිරන් මහතා පවසනවා.