දේශීය

​ශ්‍රී ලංකා පිලේ පිතිකරුව​න් ගැන තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් වගකීම් සහගත විය යුතු බව පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා පවසනවා.

ඔ​හු පවසන්නේ, පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිති හරඹය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීරණ ගැනීමට සිදුවන බවයි.

ඒ අනුව නවක ක්‍රීඩකයින් ආදේශ කිරීමට සිදුවනු ඇති බව තිළිණ කණ්ඩම්බි මහතා පවසනවා.

ඔ​හු ඒ බව කියා සිටියේ, ඉන්දියාව සමඟ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (28) පැවති දෙවන තරඟය​ද පරාජයට පත්වීමෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිළිණ කණ්ඩම්බි මහතා,

“මම හිතනවා පිතිකරුවන් වශයෙන් මීට වඩා වගකීම් සහගත වෙන්න ඕනේ කියලා. මොකද අපිට ඕනේ තරම් පුහුණු කරන්න පුලුවන්, පුහුණුවීම්වල යෙදෙන්න පුලුවන්, අපිට විස්තර දෙන්න පුලුවන්. හැබැයි මැදට ගියාම මම හිතන්නේ මීට වඩා ටික​ක් ඔලුව කල්පනා කරලා සෙල්ලම් කරන්න ඕනේ කියලා. මොකද මේක පළවෙනි වතාව නෙවෙයි. ඊයේත් මේ දේම වුණා. අපිට බංග්ලාදේශ තරඟයේදීත්,ලෝක කුසලාන තරඟයේදීත් මේක වුණා. ඉතින් අපි ඒක ගැන කතා කරලා ඒකට විසදුම් හොයාගෙන එකඟ වෙලා තමයි පැලෑන් එකකට වැඩක් කරන්නේ. හැබැයි ඒ ප්‍රතිඵ්ලේ එන්නේ නෑ.මම හිතනවා ටිකක් තද තීරණ ගන්න වෙයි කියලා ඉදිරියේදී.

අපිට කරන්න පුලුවන් සීමාවක් තියෙනවා, ක්‍රීඩකයින්ට​ත් කරන්න සීමාවක් තියෙනවා. ඒ දේ එන්නේ නැත්නම් අපිට තීරණ ගන්න වෙනවා“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button