දේශීය
යක්කල බස් රථ අනතුරක් – මාර්ගය අවහිර වෙයි

කොළඹ – නුවර මාර්ගයේ යක්කලදී බස් රථයක් සහ කන්ටේනරයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන්, කොළඹ – නුවර මාර්ගයේ ධාවන කටයුතුවලටද බලපෑමක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.
සිදු වූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් 05 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.