දේශීය

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

එහි සභාපති T.I උඩුවර මහතා සඳහන් කළේ අදාළ වැටලීම් සිදුකරන ලෙස විමර්ශන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

​මේ අතර ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලසීමාව තුළ නීත්‍යානුකූල කිරුම් මිනුම් උපකරණ සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලදී 210 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් සහකාර මිනුම් ඒකක ප්‍රමිති සේවා අධිකාරී දිල්රුක් පට්ටියපොල මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button