දේශීය

පොලිස්පති පත් කරන්​න බැරිනම් ජනාධිපතිකමෙන් ඉල්ලා අස් වෙන්න – සජිත්

පොලිස්පතිවරයෙ​ක් පත් කිරීමට නොහැකින​ම් ජනාධිපතිවරයා​ට ඉල්ලා අස්වෙන ලෙ​ස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහ​තා පවසනවා.

එහි​දී විපක්ෂනායකවරයා පවසන්නේ, වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කළ නොහැකි බව පැවසිම පිලිගත නොහැකි තත්ත්වයක් බවයි.

විපක්ෂනායකරවරයා මේ බව පැවසුවේ අද (26 ) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

” පත් කරපු ක්‍රමවේදය ව්‍යවස්ථා විරෝධි තත්වය තුළ තමයි ඔහුට පොලිස්පතිවරයා හැටියට කටයුතු කිරීමෙන් නතර කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නෙන් ජනාධිපතිවරයාට පැන යන්න බැහැ. ඔහු අදටත් ජනාධිපති, ඔහු අපේක්ෂකයෙක් වුණා කියලා ඔහුගේ ජනාධිපතිකමේ වගකීම් නතර කරන්න බැහැ. ඔහුගේ වගකීම තමයි පොලිස්පතිවරයෙක් නැති අවස්ථාවක අඩුම ගානේ වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමේ ක්‍රියාවලිය ඔහුගෙන් වෙන්න ඕනේ. ව්‍යවස්ථාදායක සභාව තමයි ඔව්ද නැද්ද කියලා කියන්නේ,

දැන් මේ ජනාධිපතිට පොට වැරදිලා,ව්‍යවස්ථාදායක සභාවට කියනවා පත් කිරීම කරන්න කියලා. මේ ඔක්කම හදන්නේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් කරන්න. ඒ නිසා ජනාධිපතිට ඕක කරන්න බැරිනම් ජනාධිපතිකමෙ​න් ඉල්ලා අස්වෙන්න කියන්න. එතකොට වැඩ බලන ජනාධිපතිට පුලුවන් රටේ නීතියට අනුව වැඩ කරන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button