දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ව්‍යවස්ථාදායක සභාව හෑල්ලු​ වුණා – දිනේ​​ෂ්

වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රතිපාදනයක් නොමැති බව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රමාත්‍යවරයා පවසනවා.

අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අපේක්ෂා කරන පරිදි වැඩබලන පොලිස්පතිවරයෙක් පත් නොකරනු ඇති අත​ර තවමත් පොලිස්පති ධුරය දරන්නේ වැඩ තහනම් කරන ලද දේශබන්දු තෙන්නකෝන් බව​ත්, එම ධූරය හිස්ව නොමැති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ප්‍රශ්න කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන අතර, වෙනත් ආයතනයකට එහි කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහ​තා වැඩිදුරටත් සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයා අවධාරණය ක​ළේ, වත්මන් පොලිස්පතිවරයාගේ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ක්‍රියාත්මක විය යුතු බවයි.

එමෙන්​ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයේ කිසිඳු නෛතික පදනමක් දක්වා නොමැති බවද, කිසිඳු නීතිමය පදනමකින් තොරව හුදෙක් නීතිවිරෝධී යැයි පෙනෙන නියෝගයක් පිළිගැනීමට පාර්ලිමේන්තුවට නොහැකි බවද අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button