දේශීය

ආනයනය අපනයන පාලනයට රෙගුලාසියක්

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2024 අංක 9 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවනු ලැබ ඇති අංක 2390/19 දරන, 2024-06-28 දිනැති ගැසට් පත්‍රයේ ප්‍රකාශට පත් කරන ලද 2024 අංක 09 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය ලැබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button