දේශීය

තුන්හැවිරිදි දරුවෙකු​ට වද දුන් පියෙ​ක් අත්අඩංගුවට

කුඩා දරුවෙකු කෲරත්වය​ට පත්කළ පියෙක් ඇල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (24) රාත්‍රීයේ​දී ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධගම කරන්දෙණිය ප්‍රදේශයේ අවුරුදු 3යි මාස 6ක කුඩා පිරිමි දරුවෙකුට කෲ​ර ලෙස සලකන බවට 118 කෙටි පණිවුඩ මධ්‍යස්ථානයට ආ ඇමතුමක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අවුරුදු 24 ක් වූ කරන්දෙණිය, අනුරුද්ධගම ප්‍රදේශයේ පදිංචි අරක්කැමිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ වයස අවුරුදු 24ක් වන බිරිඳ රැකියාවක් සඳහා විදේශගතව ඇති අතර, සැකකරු සහ එම දරුවා පමණක් නිවසේ සිට ඇති බව සඳහන්.

සැකකරු විසින් දරුවාගේ අත් ඔසවා බිම දණ ගස්වා දරුවා විසින් ආහාර ඉල්ලා සිටිමේ දී පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවත්, දරුවාගේ එක් පාදයක් පාපැදියක ඉදිරිපස රෝදයට යට කරමින් කෲරත්වය​ට පත්කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ​තිබෙනවා.

සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම සැකකාර පියා මෙලෙස දරුවා කෲරත්වය​ට පත්කිරීමේ වීඩියෝ විදේශගත මවට යොමු කර ඇති බවයි.

අදාළ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ද නිරීක්ෂණය වී ඇති බව​ද පොලීසිය පවසනවා.

ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button