විදෙස්

ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි

කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පිලිපීනය ආසන්න මුහුදේ ගිලී ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් අවට මුහුදු කලාපයේ, විශාල තෙල් පැල්ලම් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 17 දෙනාගෙන් 16 දෙනෙකුව නිරුපද්‍රිතව බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද එරට මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button