දේශීය
ගුරු – විදුහල්පතිවරු සිව්වැනි දිනටත් අකුරට වැඩ

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (25) හතර වැනි දිනටත් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වෙනවා.
වැටුප් විෂමතා ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ගුරු-විදුහල්පතිවරු පසුගිය 22 වන දින සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසන්නේ ඔවුන්ගේ ඉල්ලීම් වලට රජය මෙතෙක් අවධානය යොමු කර නොමැති බවයි.