දේශීය
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.
හයමහල් ගොඩනැගිල්ලේ බිම් මහලේ විදුලි පද්ධතිය සම්බන්ධ ස්ථානයෙන් ගින්න හටගෙන ඇති බවයි වාර්තාවන්නේ.
කළුතර මහ නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කරමින් සිටින අතර ගින්න පාලනය කිරීමට එක්ව සිටි ගිනි භටයෙක්ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද වාර්තාවනවා.