විදෙස්
ඉතියෝපියාවේ නායයෑමක් – 50ක් මරුට

ඉතියෝපියාවේ සිදුවූ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය 21 වන ඉරිදා සහ ඊයේ (22) දිනයන්හි ගෝෆා ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාපතන තත්ත්වය සමඟ සිදුවූ නායයෑම්වලින් එම මරණ වාර්තා වූ බවයි.
එමෙන්ම තවත් පුද්ගලයින් පිරිසක් ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
නායයෑම්වලින් පීඩාවට පත් පුද්ගලයින් මුදා ගැනීම සඳහා මේ වන විට සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.