දේශීය

ඡන්දෙට බඩු ගන්න කොමිසම ලංසු කැඳව​ලා

මැතිවරණයක් සඳහා අවශ්‍ය වන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, ඒ අනුව නොමැකෙන තීන්ත ,ලිපිකවර,පෑන්,පැන්සල්, කාබන් කොල, මුද්‍රණ කඩදාසි  ඇමුණුම් කටු ,ඝනක යන්ත්‍ර ඇතුළු මැතිවරණයේදී ඡන්ද පාවිච්චි කිරීමට අවශ්‍ය කෙරෙන ලිපිද්‍රව්‍ය මිලට ගැනීමට ලංසු කැඳවීම අද (22) ආරම්භ කළ බවයි.

එලඹෙන අගෝස්තු 02දා ජාතික තරඟකා​රී ක්‍රමයට කැඳවා ඇති ලංසු විවෘත කර ලංසු ප්‍රදානය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button