දේශීය
රෝගීන් තිදෙනෙකු රැගත් ගිලන් රථයක් අනතුරට ලක්වෙලා

දික්ඔය මුලික රෝහලේ සිට නොර්වුඩ් ස්ටොක්හොම් වතුයාය දක්වා ධාවනය වු එම වතුයායට අයත් ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.
අද (22) පස්වරු 4:00ට පමණ හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්රදේශයේදී මෙම අනතුර සිදු වි තිබුණා.
දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබා රෝහලෙන් බැහැර කරන ලද එම වතුයායේ රෝගින් තිදෙනෙකු රැගෙන ධාවනය වු ගිලන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
නොර්වුඩ් ප්රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිලන් රථය ලිස්සාගොස් මාර්ගය අභියස පිහිටි බොක්කුවක් මත පෙරලි ඇති බවයි නොර්වුඩ් පොලිසිය පවසන්නේ.
ගිලන් රථය අනතුරට පත්වන අවස්තාවේ ගිලන් රථය තුල තිදෙනෙකු සිට ඇති බවත්, අනතුරෙන් කිසිවෙකු තුවාල සිදු වි නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.