දේශීය
A9 මාර්ගයේ වෑන් රථ අනතුරක් – දෙදෙනෙකුට තුවාල

A9 මාර්ගයේ තිරප්පනේ පුංචිකුලම ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අද (22) අනතුරක් සිදු වී තිබෙනවා.
මෙම අනතුරින් වෑන් රථයේ පසුපස අසුනේ ගමන් ගත් දෙදනකුට බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.
පසුව ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ මෙය කොළඹ සිට කිළිනොච්චිය බලා A9 මාර්ගය ඔස්සේ ධාවනය කෙරුණ වෑන් රථයක් බවයි.
අදාළ වෑන් රථය අධික වේගයෙන් ධාවනය වී ඇති අතර, රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුරු සිදුව ඇති බව පොලිස් පරික්ෂණ අනුව නිරික්ෂණය වී තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ තිරිප්පනේ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.