දේශීය
ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයෙක්ට වෙඩි ප්‍රහාරයක්

කල්තබන ලද ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා බාරදුන් අයෙකුට මිද්දෙනිය ජූලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (21) රාත්රීයේ වෙඩි තබා ඇති බව මිද්දෙනිය පොලීසිය පවසනවා.
වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, k.k ප්‍රභාත් ඉන්දික නමැති පුද්ගලයෙක්.
මිද්දෙනිය පොලීසිය පවසන්නේ, පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි ප්‍රහාරය සිදුවන්නට ඇති බවත්, එම වෙඩි පහර ඔහුගේ උරහිස් ප්‍රදේශයට එල්ල වී ඇති බවයි.
තුවාල ලැබූ ඔහු ඇඹිලිපිටිය රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුලත් කර තිබෙන බවද පොලීසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවයි.