දේශීය
බිත්තර ආනයනය ගැන අවසන් තීරණය අද

බිත්තරයක් අද (22) සිට රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
ඉදිරියේ දී බිත්තර මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බවයි එම සංගමයේ සභාපති R.M සරත් රත්නායක මහතා පවසන්නේ.
කෙසේවෙතත් බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉදිරියේ දී යළි බිත්තර මෙරටට ආනයනය කිරීමට රජය තීරණය කළ බවයි වාර්තාවන්නේ.
ඒ සම්බන්ධයෙන් මෙරටට යළි බිත්තර ආනයනය කිරීම පිළිබඳව තීරණය අද දිනයේ දී දැනුම් දීමට නියමිත බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.