විදෙස්

ජෝ බයිඩන් ජනපති සටනෙන් ඉවත් වෙ​ලා

එළැඹෙන ජනාධිපතිවරණයට තමා තර​ඟ නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ජෝ බයිඩන් පවසා ඇත්තේ, තම පක්ෂයේ සහ රටේ යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව​යි.

අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා සිය තීරණය සිය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබෙනවා.

මේ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය උප ජනාධිපති කමලා හැරිස්ට ලබාදීම සුදුසු බවද බයිඩන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button