දේශීය

මුහුදු ගිය ධීවර යාත්‍රා 2ක් අතුරුදන්

යාපනය සහ හම්බන්තොට ධීවර වරායන්වල සිට මුහුදු ගිය ධීවරයින් 6 දෙනෙකු රැගත් යාත්‍රා දෙකක් අතුරුදන් වී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසන්නේ, පසුගිය 7 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රා දෙකක් එලෙස අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

යාපනය, පොයින්ට් පේදුරු ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් සිව්දෙනෙකු සිට ඇති බවද වාර්තාවනවා.

එමෙන්ම ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, හම්බන්තොට ධීවර වරායෙන් පිටත්ව ගිය එක්දින ධීවර යාත්‍රාවේ  ධිවරයින් දෙදෙනෙකු සිට ඇති බවයි.

අදාළ ධීවරයින් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර ඔවුන් සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කර ඇති බවද සුසන්ත කහවත්ත මහතා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button