දේශීය
ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් ගිනි අරන්

ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදි මෝටර් රථයක් හදිසියේ ගිනි ගෙන ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.
අද (20) පෙරවරුවේ පානදුර සිට නුවරඑලිය දක්වා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබුණා.
ගින්න හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු උදැසන 11 සිට පැයක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණහිට තිබු බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.
ධාවනය වෙමින් තිබු මොටර් රථය ගිනි ගත් අවස්ථාවේ එහි පස් දෙනෙකු ගමන් කර ඇති බවත්, ගින්න පාලනය කිරිමට උත්සහ කල එක් අයෙකු පිලිස්සුම් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
ගින්න පාලනය කිරිමට පොලිසිය දැඩි උත්සහයක නිරත වුවත් එය ව්‍යාප්තවී ඇති අතර ගින්නෙන් මොටර් රථය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි තිබෙනවා.