බංග්ලාදේශයේ සිටින ලාංකිකයින් ගැන පණිවිඩයක්

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එරට රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ, එරට විශ්වවිද්‍යාල 03ක ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන බවයි.
බංග්ලාදේශයේ ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දමා තිබුණද විදේශීය සිසුන්ට එරටින් ඉවත් වන ලෙස දැනුම් දීමක් සිදුකර නොතිබීම හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන් ආරක්ෂිතව නේවාසිකාගාර තුළ රැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එම සිසුන් හමුවී පෞද්ගලිකව ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව එම විශ්වවිද්‍යාලවල පාලනාධිකාරිය සමග ද සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.
රජයේ රැකියා කෝටා ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට බලකරමින් සිසුන් මූලික කරගත් විරෝධතා උත්සන්න වීම හේතුවෙන් මේ වන විට බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විරෝධතාකරුවන් සහ පොලීසිය අතර හටගත් ගැටුම් හේතුවෙන් මේ වන විට මරණ 105ක් වාර්තා වී ඇති අතර ඊයේ (19) දිනයේ පමණක් විරෝධතාකරුවන් 52 දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග හමුදා භට කණ්ඩායම් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැඳවා ඇති නමුත් සිය විරෝධතා අඛණ්ඩව සිදුකරන බවට ශිෂ්‍ය සංගම් නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා.
විරෝධතාකරුවන් පවසා ඇත්තේ, ඔවුන් මරණයට පත්වීම සම්බන්ධයෙන් වගකීම භාර ගනිමින් අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බවයි.
එමෙන්ම බංගලාදේශය පුරා පැතිර ගිය දින කිහිපයක මාරාන්තික නොසන්සුන්තාව මැඩපැවැත්වීමට පොලිසිය අපොහොසත් වීම නිසා එරටට ඇඳිරි නීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
විරෝධතා ආරම්භ වූ පසු පළමු වතාවට වැඩි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ උත්සාහයක් ලෙස ඩකා අගනුවර පොලිසිය සියලුම මහජන රැස්වීම් තහනම් කිරීමට දැඩි පියවරක් ගෙන තිබෙන බව වැඩිදුරටත් සඳහන්.