දේශීය

නිලන්ත ජයවර්ධන ගැන හොයන්​න විනය මණ්ඩලයක්

අනි­වාර්ය නිවාඩු යවා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නිලන්ත ජය­ව­ර්ධන මහ​තා සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පැවැත්වීම සඳහා විනය පරී­ක්ෂණ මණ්ඩ­ලය​ක් නම්කර තිබෙනවා.

මෙම මණ්ඩලය නම් කර ඇත්තේ, ජාතික පොලිස් කොමි­ෂන් සභාව විසින්.

විශ්‍රා­මික මහා­ධි­ක­රණ විනි­සුරු A.A චම්පා රාජ­රත්නගේ ප්‍රධා­න­ත්වයෙ​න් එම මණ්ඩලය නම්කොට තිබෙන අතර පරි­පා­ලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් වන A.H ගමගේ සහ S.K ලිය­නගේ සෙසු සාමාජිකයින් වනවා.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවකු ලෙස නම්කොට දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ විනය පරී­ක්ෂ­ණය අව­සන් වන තුරු ජාතික පොලිස් කොමි­ෂන් සභාව ඉකුත් (18) වැනිදා අනි­වාර්ය නිවාඩු යැවී­මට තීර­ණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button