විදෙස්

ලංකාවට යාත්‍රා කරමින් තිබූ නෞකාවක ගින්නක්

ඉන්දියාවේ ගෝවාහි බෙතුල් ප්‍රදේශයට නාවික සැතපුම් 80ක් පමණ දුරින් වූ මුහුදේදී බහාලු‍ම් ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.

අදාළ යාත්‍රාව ගුජරාට් ප්‍රාන්තයේ මුන්ද්‍රා වරායේ සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගමන් කරමින් තිබියදී මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පරිපථයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

නෞකාවේ ඉදිරිපස කොටසේ පිපිරීම් සමග ගිනි ගැනීම් වාර්තා වී ඇති අතර ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ පාරිසරික ව්‍යසනයක් වළක්වා ගැනීමට සහ යාත්‍රාවේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගිනි නිවීමේ උත්සාහයන් ක්‍රියාත්මක වූ බවයි.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් මොන්ටිනිග්‍රින්, යුක්රේන සහ පිලිපීන ජාතිකයන් වනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, මෙම ගින්නෙන් පිලිපීන ජාතික නාවිකයෙකු මියගොස් ඇති බවයි.

මේ වනවිටත් නෞකාවේ ඇති කන්ටේනර් 160න් 20ක් ගිනිගෙන ඇති අතර, ඉදිරිපස කොටසේ පිපිරුම් හඬ ඇසෙන බවද වාර්තාවනවා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අදාළ නෞකාව ආපදාවට ලක්ව ඇති නෞකාව වෙත ආපසු හරවා යැවීමට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, මෙම නෞකාව ජාත්‍යන්තර සමුද්‍රීය අන්තරායකර භාණ්ඩ හෙවත් ෂඵෘඨ භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button