විදෙස්
උතුරු හයිටියේ බෝට්ටුවක් ගිනි ගැනීමෙන් 40කට වැඩි පිරිසක් මරුට

උතුරු හයිටියේදී සංක්‍රමණිකයින් ගමන් කළ බෝට්ටුවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 40 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ දින දෙකකට පෙර පුද්ගලයින් 80කට අධික පිරිසක් රැගත් බෝට්ටුවක් ටර්ක්ස් සහ කයිකෝස් දූපත් වෙත ගමන් කර ඇති බවයි.
දිවි ගලවා ගත් සංක්‍රමණිකයන් 41 දෙනෙකු හයිටි වෙරළාරක්ෂක බළකාය විසින් බේරාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, සංක්‍රමණිකයන් 11 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙන බවයි.