දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
 
එම නිවේදනයේ දැක්වෙන්නේ අද (19) ශ්‍රීලංකන් ගුවන් සේවයේ අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ සේවාවන්ට බලපාන තුන්වන පාර්ශ්ව සේවා සපයන්නන්ගේ ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් ඇතිවූ බවයි. 

එම නිසා මගීන්ට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සිය කනගාටුව පළකර සිටින බවද එම නිවේදනයේ දැක්වෙනවා.
 
ශ්‍රී ලංකාවේ වේලාවෙන් 14:00 පැයට එම තාක්ෂණික දෝෂය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර සහාය සඳහා කරුණාකර +94 19733 1979 හි ඔවුන්ගේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button