දේශීය
අස්වැසුමෙන් පරිපාලන නිලධාරීන් අයින්වෙලා

අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ සියලු කටයුතුවලින් ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය ඊයේ සිට ඉවත්වී තිබෙනවා.
එහි ලේකම් නාලක කණුගල පැවසුවේ, විධායක ශ්‍රේණි නිලධාරීන්ට ලබාදුන් දීමනා ඉහළ නැංවීම තමන්ට ලබා නොදීම ඊට හේතුව බවයි.
මේ හේතුවෙන් සියලුම අස්වැසුම කටයුතු ලබාදීමට බාධා එල්ලවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.