දේශීය

Onmax ලොක්කෙක්​ගේ කෝටි දෙකක දේපොළ තහනමට

රුපියල් කෝටි 500කට අධික මුදල් වංචා කළේ යැයි කියන Onmax DT පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ සැකකාර අධ්‍යක්ෂවරයකුගේ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් දේපළ තහනමට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊ​යේ (18) නියෝග කළා.

Onmax සැකකරුවන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කළ නියෝගය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු​ව මගින් අනාවරණය කරගත් අත්තනගල්ලේ පිහිටි අක්කර දෙකහමාරක ඉඩමක් මෙලෙ​ස තහනමට ලක් කළා.

අදාල නියෝගය අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වර​යා දන්වා සිටියා.  

සැකකාර අධ්‍යක්ෂකවරුන් ජනතාවගෙන් වංචා කරමින් ලබා ගත්තේ යැයි කියන මුදල්  මගින් දේපළ මිලදී ගැනීම් හා එම මුදල් විවිධාකාරයෙන් ආයෝජනය කර හංගා ඇති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය පසුගිය 9වැ​නි දින නිකුත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button