දේශීය

ලාල් කාන්තට එරෙහිව පැමිණිල්ලක්

මහනුවර පැවති රැස්වීමකදී ජාතික ජන බලවේගයේ විධායක සභික K.D ලාල්කාන්තගේ තර්ජනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාවේ නිලධාරියෙක් මහනුවර පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

එම නගර සභාවේ වැටලීම් අංශයේ ප්‍රධානී අනුර වස්ගේවත්ත නැමැත්තා අදාළ පැමිණිල්ල සිදු කර ඇත්තේ ප්‍රචාරක පුවරුවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් K.D ලාල්කාන්ත එම තර්ජනාත්මක ප්‍රකාශය කළ බවයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා​ගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට පසුගිය 16 වැනිදා පැවති ප්‍රචාරක රැලියේදී පක්ෂයේ විධායක සභික K.D ලාල්කාන්ත සිය ප්‍රචාරක පුවරුවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණා.

ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාවේ වැටලීම් අංශයේ ප්‍රධානී අනුර වස්ගේවත්ත නැමැත්තා මහනුවර පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

අදාළ ප්‍රචාරක පුවරු​ව ඉවත් කිරීම තම නියෝගයක් මත සිදුවූ බවට මහනුවර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ සඳහන් කළා.

ඇය සඳහන් කළේ, මහ නගර සභා ආඥා පනතේ විධිවිධාන යටතේ මහනුවර මහ නගර සභාවේ වැටලීම් අංශයේ ප්‍රධානී අනුර වස්ගේවත්ත නැමැත්තා සියලු අනවසර ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට ලිඛිතව බලතල පැවරුණු නිලධාරියෙකු බවයි.

ඒ අනුව අනවසර සියල්ලු ප්‍රචාරක පුවරු ඉවත් කිරීමේ බලතල හදිසි වැටලීම් අංශයට පැවරී ඇති බවත් ඇය පෙන්වා දුන්නා.

මහනුවර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ සඳහන් කළේ, හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු මැදිහත්ව අදාළ ප්‍රචාරක පුරවරුව සවි කර තිබූ අතර එය ඉවත් කරන ලෙස ඔවුන්ව දැනුවත් කළ බවයි.

එමෙන්ම අදාළ ප්‍රචාරක පුවරුව ආරක්ෂිතව බවත් කිරීම සඳහා ඔවුන්ට මහනුවර මහ නගර සභාව සහය ලබා දුන් බවත් මහනුවර මහ නගර සභාව දේශපාලන අධිකාරියත් සමඟ අවබෝධයෙන් කටයුතු කරන අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම විමතියට කරුණක් බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button