දේශීය
පාරිභෝගික සේවාවේ වරදට ජලසම්පාදනයේ දෙන්නෙක්ගේ වැඩ තහනම්

යහපත් පාරිභෝගික සම්බන්ධතාවක් ලබා නොදීමේ චෝදනාවකට ජාතික ජලසම්පාදන මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.
පසුගිය 16 වනදා නිලාවේලි ජල සම්පාදන ක්රමය වෙත සේවාවක් ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයෙකු සමඟ එම සේවකයන් දෙදෙනා ඇති කරගත් සංවාදයක් කළහකාරී හැසිරීමක් දක්වා දුරදිග ගොස් තිබුණා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එම සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ කරුණු පරික්ෂාවේදී අදාළ සේවකයින් දෙදෙනා වැරදිකරුවන් බවට සනාථ වූ බවයි.
ඒ අනුව, ඉදිරියේදී විධිමත් පරීක්ෂණයකට යටත්ව වහාම ක්රියාත්මක වන පරිදි ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති අතර, ඊට සම්බන්ධ වූ ආරක්ෂක නිලධාරියෙකු ද ජල සම්පාදන මණ්ඩලයේ සේවයෙන් ඉවත් කර තිබෙනවා.