හතරෙන් එක් අයෙක්ට සෞඛ්‍ය අවදානමක්

සමාජයේ සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකුටම ආඝාතය තමන්ගේ ජීවිත කාලය තුළ වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති බව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා පවසනවා.
ආඝාතය වළක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (17) පැවැත්වුණා.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කළේ, නිවසේදීම මෙම රෝගී තත්ත්වය හඳුනාගැනීම ඉතා වැදගත් බවයි.
ආඝාතය යනු මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිර වීම නිසා හෝ පුපුරායාම නිසා හදිසියේ ඇති වන රෝග තත්ත්වයක් වන අතර වෛද්‍යවරයා පවසා සිටියේ ආඝාතය හඳුනා ගැනීමට ප්‍රධාන රෝග ලක්ෂණ 03ක් පවතින බවයි.
එනම් කට පැත්තට යෑම, අත හෝ කකුලක් පණ නැති වීම, භාෂාව හැසිරවීමේ ප්‍රශ්නයක් ඇති වීම යන ලක්ෂණයි.
මෙයට අමතරව,සිරුරේ එක් පැත්තක අත සහ කකුල අකර්මන්‍ය වීම, සිරුරේ එක් පැත්තක ඇතිවන හිරි වැටීම, කථනය අකර්මන්‍ය වීම හෝ වෙනස් වීම, මුහුණේ එක් පැත්තක ක්‍රියාකාරිත්වය අඩු වීම, වමනය, කරකැවිල්ල සහ සමබරතාවය නැති වී යාම, ගිලීමේ අපහසුතාවය,එක් ඇසක් නොපෙනී යාම යන ලක්ෂණද දැකගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රරෝල් වැඩිවීම, ස්ථූලතාවය හා දුම්පානය ආදී කරුණු නිසා මෙම රෝග තත්ත්වය උත්සන්න වන අතර ඒ පිළිබඳව ඉතා සැලකිලිමත්වන ලෙස වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා,
“අපේ සමාජයේ සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකුටම ආඝාතය තමන්ගේ ජීවිත කාලය තුළ වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ආඝාතය කියන්නේ එක් පැත්තකින් ජීවිත නැති කරවන අසනීපයක්. ලංකාවේ ආගාධ රෝගී තත්ත්වය 90%කගේ දක්නට ලැබෙනවා එය වළක්වා ගත හැකිව තිබූ කාරණා 10ක්. මේ අතර, රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රරෝල් වැඩිවීම, ස්ථූලතාවය හා දුම්පානය ආදී කරුණු සැලකිල්ලට ගත යුතුයි.
දැන් ඖෂධයක් තියෙනවා ඒ රුධිර කැටිය දිය කළ හැකි. ඒ නිසා ආඝාතය ගෙදරී හඳුනාගෙන ළඟම තියෙන රෝහලට පැමිණෙන්න. ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. කට පැත්තට යෑම, අත හෝ කකුලක් පණ නැති වීම, භාෂාව හැසිරවීමේ ප්‍රශ්නයක් ඇති වීම. ඊට අමතරව තමන්ගේ ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්. ඒ වගේම සමතුලිතතාවයන් නැති වෙන්න පුළුවන්. මේ සියලු දේ සිදුවන්නේ, ක්ෂණිකව. කිසිදු දැනුම්දීමක් නෑ. එසේ වුවහොත් ඒ සිදුවන වේලාව සටහන් කරගැනීමත් වැදගත්. ආඝාතයේ තිබෙන දුබලතාවය අවම කරගැනීමට අපිට ඊළඟට තියෙන අවි ආයුධය තමා පුනරුත්තාපනය. ඒ කියන්නේ භෞතික චිකිත්සක ක්‍රම, වෘත්තීය චිකිත්සක ක්‍රම, කථන චිකිත්සක ආදි වශයෙන් රෝගීයාගේ දුබලතාවය අනුව නොයෙක් චිකිත්සක යොදා ගන්නවා. මේක විද්‍යාත්මකව කරන්නේ.”