දේශීය

පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනය ගැන විශේ​ෂ ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

මන්ත්‍රීවරයා පවසන්නේ, පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය පිළියළ කර අතේ අතේ තබාගෙන සිටින්නේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුව හොත් එදිනම රාත්‍රියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බවයි.

එහි​දී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණි වලේබොඩ මහතා,

”අද විශේෂ හෙළිදරව්වක් කරන්න තිබෙනවා. ඒ තමයි ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණය මේ වෙනකොට කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබෙනවා. ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා වර්ෂ හය කියලා ව්‍යවස්ථාවේ සඳහන් වන හෑම ස්ථානයකම පහ සඳහන් කරමින් ඕනි කරන සංශෝධන ටික ආණ්ඩුක්ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත වෙන්න අවශ්‍යයයි. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන නියෝගය අනුව ඉතුරු ටික ක්‍රියාත්මක වීමට නියමිතයි.

දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කරගැනීම අද වෙනකොට මේ කටයුත්තට ප්‍රවේශ වෙලා ඉන්න ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට අභියෝගයක් බවට පත්වෙලා තිබෙනවා. මොකද ශ්‍රී ලං​කා  පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරමින් වර්තමාන ජනාධිපති තුමාට ඔවුන් පත්කරගත්ත ජනාධිපතිතුමාට ඔවුන්ම අභියෝග කරමින් ඉන්නවා. ඒ නිසා මේ නිර්මාණය වෙලා තියෙන අවිනිශ්චිතතාවය කළමනාකරණය කරගැනීම සඳහා ජනාධිපතිතුමාට පැවරිලා තියෙන විශේෂ බලතලයක් වූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි අවධානය යොමු කරන්න එතුමාට සිද්ධ වෙලා තිබෙන බව පේන්න තිබෙනවා. ඊයේ වෙනකොට අපිට තොරතුරු වාර්තා වෙනවා ඒ වගේම අපෙන් විමසීම් කරනවා ගොඩක් දෙනෙක් පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය පිළියෙල කරලා අතේ තියාගෙන ඉන්නේ විසිදෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදැක්වූවොත් එදිනම රාත්‍රියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට.

මෙවැනි තත්වයක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ මේ තත්වයේ ප්‍රතිඵලය ඇතැම්විට ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් කැඳවීම දක්වා රටේ දේශපාලන වාතාවරණය වෙනස් වෙන තීරණයක් වීමේ හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා. මොකද මේ සියලු බලතල මේ වෙනකොට ජනාධිපතිතුමාට ඇවිල්ලා තිබෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට හිමි වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔහුට ඕන වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි දෙදාස් විසි දෙකේ අර්බුදයෙන් පස්සේ වර්තමාන ජනාධිපතිතුමා ශ්‍රී ලං​කා පොදුජන පෙරමුණේ වැඩි ඡන්දයෙන් පත්කරගන්නා අවස්ථාවේදී දෙපාර්ශවය අතර තිබිච්ච එකඟතාවය තමයි රජය කරගෙන යාමට එතුමාට සහය දැක්වීම සහ එතුමා පොරොන්දු වුණා වර්තමාන පාර්ලිමේන්තුවේ ආයු කාලය, නියමිත නිල කාලය නිමාවන තෙක් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නෑ හැබැයි පොදුජන පෙරමුණේ සහයෝගය අවශ්‍යයි කියන එක ආණ්ඩුව කරගෙන යාම සඳහා. දැන් අද පොදුජන පෙරමුණ ඒ සහයෝගය දෙන්නේ නැතුව ඔහුගේ ජනාධිපතිකමට අභියෝග එල්ල කරන තැනකට පත්වෙලා තිබෙනවා.

ඔවුන් පත්කරපු ජනාධිපතිවරයාට ඔවුන්ව අභියෝග එල්ල කරමින් ඉන්නවා. ඉතින් එතකොට මේ ගිවිසුම කඩාගෙන වැටීමක් පේන්න තිබෙනවා. ඒ වගේම තමයි අපි දකිනවා ශ්‍රී ලං​කා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ඍජුවම ජනාධිපතිවරයාට සහය දක්වන්න පටන් අරගෙන තිබෙනවා. ඒකේ යම් කණ්ඩායම වෙනම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඊළඟ මහ මැතිවරණයේදී විපක්ෂ නායකකම අරගෙන විපක්ෂයේ වාඩිවෙන්න සූදානමින් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේ කියන තත්වයක් තුළ සමස්තය නිරූපණය වෙන්නේ අපිට මේ දෙපාර්තමේන්තුව අතර තියෙන නොඑකඟතාවය, ගැටීම, එහෙම නැත්නම් බෙදීම. එහි ප්‍රතිඵලය තමයි මේ විසි දෙවෙනි ආණ්ඩුක් රම ව් යවස්ථා සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට ගේමට නියමිත ශ්‍රී ලං​කා පොදුජන පෙරමුණ සහය නොදක්වන තත්වෙකට යෑමේ ඉඩක් තියෙනවා කණ්ඩායම්. එහෙම වුනොතින් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිතුමා සූදානම්. ඒ සඳහා ගැසට් එක පිළියෙල කරලා තියෙනවා කියන ආරංචිය තමයි අපිට ලැබෙන්න පටන් අරගෙන තිබෙන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button