අල්ලස් ගත් සැරයන්ට වැඩ වරදී

කින්නියා ප්රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම, යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අල්ලසක් ගත් බවට පවසන වාංඇළ පොලිසියේ සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාංඇළ පොලිසියට අනුයුක්තව සේවය කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙක්.
කින්නියා ප්රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
පැමිණිලිකරු ඔහුගේ සොහොයුරිය පදිංචි කින්නියා ප්රදේශයේ නිවෙසක් අසල යතුරුපැදිය නවතා තිබියදී අයිතිකරුට නොදන්වා එම යතුරුපැදිය පොලිසිය වෙත සැකකරු රැගෙන ගොස් තිබෙනවා.
ඉන් අනතුරුව එම යතුරුපැදිය අධිකරණයට ඉදරිපත් කිරීම කටයුතු කරන බව සැකකාර පොලිස් සැරයන්වරයා පැමිණිලිකරුවට දන්වා තිබෙනවා.
පසුව අධිකරණයට ඉදිරිපත් නොකිරීම සදහා රුපියල් 5000 ක් මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව විමර්ශනවලදි අනාවරණය වී තිබෙනවා.