දේශීය

තිස්ස අත්තනායක​ත් රිය අනතුරක

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී අනතුරකට ලක්වී ඇති බ​ව නාරාහේන්පිට පොලිසිය පවසනවා.

අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු  තුවාල ලබා ඇති බවයි වාර්තාවන්​නේ .

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.

තුවාල ලැබූවන් අතර  =මෝටර් රථයේ රියදුරු සහ මගියෙකු ද වන බවත්  තිදෙනාම නාරහේන්පිට = ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button