දේශීය

ඡන්දෙට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන  ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සාමාජිකයෙක් වන සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button