දේශීය

කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා​ගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනතා අයිතියට පත් කෙරුණා.

කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙය ඉඳිකෙරුණා.

2021 වසරේ ජුනි මස 07වැනිදා ඉදිරිකිරීම් ආරම්භ කල මෙම ගුවන් පාලම දිගින් මිටර 297කින් සහ මීටර් 9 යි දශම 4 ක පළලින් යුක්තයි.

ඒ සදහා වැය කර ඇති මුදල් රුපියල් මිලියන 2,648ක්.

රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති අතරමග නතර කර තිබුණා.

කොහුවල ගුවන්පාලමේ ඉදිකිරීම්ද මෙලෙස නතර කර තිබූ අතර එහි ඉදිකිරීම් යළි සිදු කෙරුණේ හංගේරියා රජයේ ණය ආධාර යටතේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button