දේශීය
බන්ධනාගාරවල සිරකරුවන් 30,000ක් ඉක්මවලා

බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට පෙර බන්ධනාගාරගතව සිටියේ සිරකරුවන් 26500 ක් බවයි.
සිරකරුවන් ප්‍රමාණය ඉහළ යෑම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාව වැඩි වී තිබෙන බවත් බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700කගේ පමණ හිඟයක් තිබෙන බවත් කොමසාරිස්වරයා සදහන් කළා.
ඉන් 900 ක් බඳවා ගැනීමට අවසර ලැබී ඇති බවයි ඔහු පවසන්නේ.
බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය දීර්ඝකාලීනව තිබුණ බවත් මෙම නව බඳවා ගැනීම්වලින් පසු එම ගැටලුවට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.