දේශීය

දයාසිරිගේ පැමිණිලි දෙකකට අධිකරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකළ පැමිණිලි දෙකක් ලබන 23 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීන්දුවට එරෙහිව ඔහු එම පැමිණිලි ගොනුකර තිබුණා.

මෙම පැමිණිලිවලට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය අද (16) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

නමු​ත් විනිසුරුවරයා දැනුම් දුන්නේ, වගඋත්තරකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද ලේඛන නඩු ගොනුවට ඇතුළත් වී නොමැති බවයි.

ඒ අනුව, අදාළ ලේඛන ගොනු කිරීමට පාර්ශ්වකරුවන්ට අවසර දුන් අධිකරණය නඩුව නැවත ලබන 23 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button