දේශීය

යුනෙස්කෝ අධ්‍යක්ෂකවරි​ය දිවයින​ට

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ (Audrey Azoulay) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (16)  අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ සිටි​යා.

ඔවුන් අද අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button