දේශීය

GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක්

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023,2024 පාසල් අයඳුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඉහත විභාගය සඳහා අයඳුම්පත් කැඳවීම 2024/07/12 වන දින සිට 2024/07/29 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන බවයි.

සියලුම අයදුම්කරුවන් තමන්ගේ විදුහල්පති/ පාසල් ප්‍රධානීන් මඟින් අයදුම්පත් යොමු කිරීම කළ යුතු බවයි දනුම්දෙන්නේ.

ඒ අනුව විදුහල්පතිවරුන් / පෞද්ගලික පාසල් ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම ‘DOE’වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත්‍ර යොමු කළ යුතුයි.

අයදුම්කරුවන්ට පෞද්ගලිකව අයදුම් කළ නොහැකි බවද එම නිවේදනයේ සඳහන්.

උක්ත විභාගය සඳහා රජයේ හා පෞද්ගලික පාසල් විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබාදී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතු වනවා.

ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතුයි.

මෙම විභාගය සඳහා අයදුම්පත් යොමු කළ හැක්කේ 2023 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පළමුවර පෙනී සිටි 2023 පැවති GIT විභාගය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ සිසුන්ට 2023 වර්ෂයේ දී 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට හා 2024 12 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් වන අතර දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති වර්ෂ අතරින් සිසුන්ගේ අදාළ වර්ෂය තෝරා ගත යුතුයි.

එමෙන්​ම පෞද්ගලික පාසල් සිසුන්ගේ සියලුම තොරතුරු ඒ ඒ වර්ෂ අනුව දත්ත පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසුව ගාස්තු ගෙවීම් කළ යුතුයි.

ගාස්තු ගෙවීම් කිරීමෙන් අනතුරුව නවක සිසුන් ඇතුළත් කළ නොහැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button