දේශීය

බස්රථ දෙකක් ගැටී බිහිසුණු අනතුරක්

තලංගම කොස්වත්ත අ​ටේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බ​ව තලංගම පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ, මාර්ග අංක 190 මීගොඩ පිටකොටුව සහ මාර්ග අංක 177 කඩුවෙල කොල්ලුපිටිය දක්වා ධාවනය වන බස් රථ එකිනෙක ගැටී ඇති බවයි.

මාර්ග අංක 190 මීගොඩ පිටකොටුව බස් රථය නතරකර තිබී ඇති අතර පිටුපසින් පැමිණි මාර්ග අංක 177 දරන බස් රථය එහි ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

දෙදෙනෙක් තවමත් මුල්ලේරියාව සහ තලංගම රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙ​න් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button